Uncategorized

Role of Soft Skills in the Workplace

Role of Soft Skills in the Workplace

සේවා ස්ථානයේ සිදුකරන ඉගෙනුම් වලින් බොහොමයක් සිදුවන්නේ සේවකයන් ගේ කුසලතා හා නිපුණතා සංවර්ධනය යි. ඉතා ඉක්මනින් නවීකරණය හා වෙනස් වන ලෝකයේ අනාගත සේවා සඳහා අවශ්‍ය වන්නේ වඩාත් නිර්මාණශීලී, හැකියාවන් දියුණු කරගැනීමට කැමැත්ත ඇති, කණ් ඩායම් හැඟීම ඇති පිරිසකි. ඒ සඳහා අවශ්‍ය වන මෘදු හා දෘඪ කුසලතා මෙන්ම තමා පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කර ගත යුතුය​. එසේම සංවේදන මෙන්ම සන්නිවේදන හැකියාවන් ද වර්ධනය කරගත යුතුය​.

සේවා ස්ථානයේ රඳාපැවත්ම වෙනුවෙන් දෛනිකව විශාල වන වුවමනා සහ සංකීර්ණවන ගැටලු මත ආයතනයේ ඉගෙනුම් ක්‍රියාවලිය තීරණය කරයි. ආයතනයේ දියුණුව උදෙසා සේවකයන් නිතර නිතර පුහුණු සැසි සඳහා සහභාගී විය යුතු වුවත්, එමඟින් ඔවුන් ගේ වැඩ කොටස ඉහළ යාමේ අවධානමක් හටගනී.

පුද්ගල ඉගෙනුම් ක්‍රියාවලිය ආයතනයේ මූලික තැනක් ඉසිලුවද, එම ඉගෙනුම් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ආයතනයේ ස්ථානීය, සංස්කෘතික හා ව්‍යුහාත්මක සාධක මතයි.

සේවා ස්ථානයේ තිරසාර රඳාපැවැත්ම මූලිකව තුන් ආකාරයකින් ඉදිරිපත් කලහැක​. එනම්; කායික හා මානසික සෞඛ්‍ය සබැඳි යහපැවත්ම​, පවතින දැනුම කාර්‍යක්‍ෂමව භාවිතා කිරීම සබැඳි අඛණ්ඩතාවය, නව දැනුම වේගයෙන් යෙදවීම හා සබැඳි  කාර්‍යක්‍ෂමතාවයයි​.

එම අංශ තුන යටතේ මෘදු කුසලතාවයේ භූමිකාව පිළිබඳ සාකච්ඡා කරමු.

  • Well-being

ඉගෙනීම ඇතුළුව සංවිධානවල විවිධ මෙහෙයුම් වලදී මානව යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා තිරසාරභාවය අපේක්‍ෂා කරයි. මෘදු කුසලතා ඉගෙනීමේ ක්‍රියාවලිය සඳහා තාක්‍ෂණය භාවිතා කිරීම​, චර්‍යාත්මක අවබෝධය සහ කාර්‍යක්‍ෂම සංවර්ධනය සඳහා ඉගෙනුම් සැලසුම් ක්‍රම ඉදිරිපත් කිරීම​,වේගවත් යෙදුම සහ මෘදු කුසලතා පුළුල් ලෙස භාවිතා කිරීම වැනි දේ භාවිත කරයි. මෘදු කුසලතා ඉගෙනීමේ විසඳුම් මඟින් ඔවුන්ගේ හැකියාවන් සහ ආකල්ප වර්ධනය කර ගත හැකි අතර එමඟින් ආයතනවලට සහ පුද්ගලයන්ට ඔවුන්ගේ ක්‍රියාකාරී හැකියාව පවත්වා ගෙන යාමට සහ සංකීර්ණ, අවිනිශ්චිත හා වෙනස්වන තත්වයන් තුළ සමෘද්ධිමත් වීමට උපකාරී වේ.

  • Continuity

අඛණ්ඩතාව යනු පෙර සහ පවත්නා දැනුම හුවමාරු කරගැනීමේ හැකියාව සහ භාවිතාවයි. මෙය උපක්‍රමික දැනුම වැනි දිගුකාලීන දැනුම් සම්පත් හා තදින් බැඳී පවතී. සහයෝගී ඉගෙනුම් ක්‍රම භාවිතයන් ප්‍රවර්ධනය කරන මෘදු කුසලතා මඟින් එක් එක් සේවකයාට ඔවුන්ගේ ශක්තීන් අවබෝධ කර ගැනීමටත්, පවත්නා වටිනා දැනුම හඳුනා ගැනීමටත්, අනෙක් අය සමඟ වැඩ හා සම්බන්ධ ගැටලු විසඳීම මඟින් නව කුසලතා ඉගෙන ගැනීමටත් උපකාර කිරීමෙන්, දිගු කාලීන දැනුමේ අඛණ්ඩතාව සහතික කෙරේ.

සහයෝගී ඉගෙනීම හරහා සේවා ස්ථානයේ සිටින සේවකයන් අතර ශක්තිමත් බැඳීමක් ඇතිකරයි. සහයෝගී ඉගෙනීම මඟින් ධනාත්මක චිත්තවේගයන් නිර්මාණය කරන අතර එය වෙනත් කණ්ඩායම් හා ව්‍යාපෘති සඳහා උපයෝගී කරගත හැකිය. විශේෂයෙන් එක් එක් සාමාජිකයින් විවිධ ස්ථානවල සිට වැඩ කටයුතු කරන Virtual කණ්ඩායම් වල, අන් අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම මඟින් අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ශක්තිමත් කරයි.

  • Efficiency

ඉගෙනීමේ ප්‍රයත්නයන් සඳහා ආයෝජනය කරන කාලය හා සම්පත්, රැකියාවේ ගුණාත්මක භාවයට හෝ ඵලදායීතාවයට දායක නොවන විට ඉගෙනීම තිරසාර නොවේ. තිරසාර ඉගෙනුම් මඟින් සේවක ක්‍රියාවලි වඩාත් ඵලදායී කරයි. වැඩ කරන අතරතුර සිදුවන ඉගෙනීම ඉතා ක්‍රියාකාරී වේ – එනිසා ඉගෙනීම සහ භාවිතා කිරීම එකවර සිදු වේ

මෙහි ඇති ප්‍රධාන මෘදු කුසලතා සාධකය වන්නේ ඉගෙන ගන්නන්ගේ ඇති ඉගෙනීමේ කුසලතාවයයි. එසේම, සමස්තයක් වශයෙන් කණ්ඩායමේ අදාළත්වය හා ප්‍රයෝජනය පිළිබිඹු කිරීම සඳහා ස්වයං නායකත්වය සහ සහයෝගීතා කුසලතා අවශ්‍ය වේ.

ඉහත දක්වන ලද මූලික අංග තුන එකිනෙකට බැඳී පවතී. පවත්නා දැනුම භාවිතා කිරීම හා නැවත භාවිතා කිරීම මෙන්ම නව දැනුම හා කුසලතා කාර්‍යක්‍ෂමව යෙදවීම තුළින් තිරසාර බව ඇති කර ගැනීම මෙන්ම​, කුසලතා ඉගෙනීම, ඉගෙන ගන්නන් සඳහා සම්පතක් බවට පත් කරයි, එමඟින් වැඩ බර අඩු කර ගැනීම සහ ආයතනයේ යහපැවැත්ම ප්‍රවර්ධනය කරයි.

මෘදු කුසලතා යනු තිරසාර ඉගෙනීමේ ප්‍රධාන අංගයකි. මෘදු කුසලතා තිරසාර ඉගෙනුම් සඳහා යොදාගැනීමෙන් අඛණ්ඩතාව සහ කාර්‍යක්‍ෂමතා අවශ්‍යතාවන්ට සහාය වන අතර ඉගෙනුම් තත්වයන්ටද අතිශයින් ප්‍රයෝජනවත් හා අර්ථවත් ලෙස ආයතනයේ යහපැවැත්මට සහාය වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *