Uncategorized

Product Training & Business Development

Product Training & Business Development

නිෂ්පාදන පුහුණුව වර්ධනය කරගත හැකි ආකාරය​.

අනෙකුත් ව්‍යාපාර මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ද තම නිෂ්පාදන ධාරිතාවය වර්ධනය කර ගැනීමට නිෂ්පාදන පුහුණුව යොදාගනී. එම නිෂ්පාදන පුහුණුව ලබා දිය යුතු අංශ මෙන්ම​, එම පුහුණුව අදාල නිෂ්පාදන කාර්යයට යොදා ගන්නා ආකාරය පිළිබ ඳ නිශ්චිත ක්‍රියාවලියක් නොමැති අතර ඒ සඳහා ආයතනයේ පෙර අත්දැකීම් හා කාර්යය මණ්ඩලයේ අත්දැකීම් පාදක කරගනිමින් පිළිතුරු සොයයි. මෙම ලිපිය හරහා ඔබට නිෂ්පාදන පුහුණු ක්‍රියාවලියේ දියුණුවට අදාලව ආයතනයේ විෂය කරුණු ප්‍රවීනයන් යොදා ගනිමින් බාහිර විකුණුම් නාලිකා ප්‍රවර්ධනය කිරීම පිළිබඳ කරුණු සහ තොරතුරු ලබාගත හැකිවේ.

කුඩා හා මධ් පරිමාණ ව්යාපාර සඳහා නිෂ්පාදන පුහුණුව යොදාගත යුත්තේ ඇයි?

ඔබ ආයතනයේ කොපමණ පුද්ගලයින් සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇත්ද හෝ කුමන නිෂ්පාදන ක්‍රියාවලියක් යොදාගන්නවාද යන කාර්යයන් වලට එහාගිය ප්‍රමිතීන් පාරිභෝගිකයින් සොයා බලයි. වැදගත් විකුණුම් අංශ අවධාරණය කරන්නේ කෙසේදැයි කාර්‍ය මණ්ඩලය දන්නා හෙයින්, ඔබේ අලෙවි පදනම වැඩි කර ගැනීමට විශිෂ්ට පුහුණු තාක්‍ෂණයක් ඔබට උපකාරී වේ. සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් ලබා දීම සඳහා අලෙවිය හා සම්බන්ධ කුසලතා වර්ධනය කර ගැනීමට ද ආයතනයේ කාර්‍ය මණ්ඩලයට අවස්ථාව ලැබේ. එහි ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගික තෘප්තිය ඇතිවේ, එමඟින් වක්‍රාකරයෙන් ආයතනයේ විකුණුම් පරිමාව ඉහළ යනවා මෙන්ම නව මාවත් ඔස්සේ නිෂ්පාදන ධාරිතාවයන් වර්ධනය කරගැනීමේ හැකියාව ද​ වර්ධනය වේ. 

නිෂ්පාදන ආපසු එවීම අවම කිරීම.

​පාරිභෝගිකයින් නිෂ්පාදන භාණ් ඩ ආපසු ලබා දීම, ඔවුන්ට ඉතාමත් හිසරදයකි. නමුත් ඇතැම් විට කාර්‍ය මණ්ඩලයේ සේවා සැපයීමේ වරදකින් හෝ නිසි සහය ලබා නොදීම නිසා හෝ ප්‍රතිලාබ අතිශයෝක්තියකින් ඉදිරිපත් කිරීම නිසා මෙවැනි අවස්ථා පැන නැගිය හැකිය​. නිෂ්පාදන පුහුණු වැඩසටහනේ ප්‍රතිලාභ ලෙස හොඳම මිලදී ගැනීමේ තීරණයක් ගැනීමට අවශ්‍ය සියළුම තොරතුරු පාරිභෝගිකයින් සන්තක කිරීම නිසා භාණ්ඩ ආපසු එවීමේ අනුපාතය අඩු කිරීමට හැකිවේ.

සැඟවුනු ශක්තීන් හා දුර්වලතා හඳුනා ගැනීම​.

නිෂ්පාදන දැනුම පුහුණු ක්‍රියාකාරකම් මඟින් කාර්‍ය්‍යමණ් ඩලයේ සේවකයන් ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීම ආයාසයකින් තොරව සිදුවේ. එමඟින් සේවකයින්ට සිය අඩුපාඩු ස්වයංක්‍රීයව පිරවීමට සහ අඛණ්ඩව තම හැකියාවන් වර්ධනය කර ගැනීමට හැකි වේ. ඔවුන්ගේ ප්‍රවීණතාවය සහ අලෙවි කාර්‍ය සාධන හැසිරීම් පරීක්‍ෂා කරන කාර්‍ය සාධන දැනුම තක්සේරු කිරීමට මෙය ඇතුළත් වේ.

නිෂ්පාදන පුහුණු ක්රියාකාරකම්

Video Demos

කුඩා ප්‍රමාණයේ video යොදා ගනිමින් නිෂ්පාදන ක්‍රියාවලිය සිදුකල යුතු ආකාරය පෙන්වීම මඟින් සේවකයන්ට අවශ්‍ය දැනුම ඉතාමත් නිවැරදිව ස්ථානගත කිරීමේ හැකියාව වැඩිදියුණු වේ.

Selling Point Info graphics 

රූපණ මාධ්‍ය බාවිත කරගනිමින් සිදුකරනු ලබන දැනුවත් කිරීමයි. මෙමඟින් පාරිභෝගික අවධානය වැඩි කරගත හැකිවේ.

Pain Point Checklists

පාරිභෝගිකයන්ගේ පිළිතුරු නොළත් අවශ්‍යතා සඳහා ඔබ ආයතනයට සුවිශේෂී පිළිතුරක් සෙවිය හැකිද යන්න මෙමඟින් සොයා බලයි. එය එක් එක් ජන කොටස් සඳහා භාවිත කලයුතු ආකාරය පිළිබඳ අවධානය යොමු කල හැකිවේ.

Social Media Pointer Groups

ක්‍රියාකාරී සමාජ මාධ්‍ය ආධාරකයක් පවත්වා ගන්න​. ඒ හරහා දෛනිකව දැනුම සහා තොරතුරු බෙදාහරින්න​. ඉහළ දක්‍ෂතා ඇති අයට ඔවුන්ගේ පළපුරුද්ද සම සේවකයින් සමඟ හුවමාරු කර ගැනීමට අවස්ථාව නිර්මාණය කරන්න​.නිරන්තර නිරීක්‍ෂණ කිරීම් සඳහා යොමු වී අනවශ්‍ය ක්‍රියාකාරකම් වලින් වළක්වා ගන්න.

ඉලක්කගත නිෂ්පාදන සංවර්ධනය කිරීම සඳහා උපදෙස්

ව්‍යාපාර පරිමාණය හෝ ධාරිතාවය සැලකිල්ලට නොගෙන, නිෂ්පාදන පුහුණුව ඇති කිරීම හරහා ආයතනයේ දියුණුව සලසා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. ඒ සඳහා ඉගෙනීම සහ සංවර්ධනය යොදා ගැනීම සිදු කළ හැකිය. එසේම පහත දක්වන ලද කරුණු හොඳින් පුහුණු කරගැනීමෙන් ආයතනයේ ඉලක්ක සඳහා පහසුවෙන් ගමන් කිරීමට හැකියාව අත්වනු ඇත​.

  1. ඉලක්ක ලබා දීම​ 
  2. සේවක පුහුණුවේ අවශ්‍යතාවය හඳුනා ගැනීම​
  3. සේවක සබඳතා වැඩිදියුණු කිරීම​
  4. ප්‍රධාන නිෂ්පාදන අලෙවි කිරීමේ කාර්‍යයන් හඳුනා ගැනීම
  5. සරලව හා කෙටියෙන් මෙන්ම පැහැදිලිව නිෂ්පාදන පුහුණුව ලබා දෙන්න​

අලෙවිය සඳහා නිෂ්පාදන පුහුණුව ලබා දීමේ නවෝත්පාදන භාවිතයන්

සේවකයින්, පාරිභෝගික අවශ්‍යතා හඳුනාගෙන ඒවා නිවැරදි නිෂ්පාදනයක් සමඟ ගැලපීම සහ ඒ අතර ඇති සියලු බාධක ජය ගැනීම අත්‍යවශ්‍ය සාධකයකි. එම කර්තව්‍ය තරමක් අපහසු වුවත් මනාව එය ඉටුකර ගැනීම මඟින් සාර්ථක ව්‍යාපාරයක් ගොඩනඟා ගැනීමේ හැකියාව ඇතිවේ. ඔබේ දැනට තිබෙන පුහුණු සැලැස්මට නවීන ක්‍රම එක් කරගැනීම මඟින් සාර්ථකත්වය ලඟා කරගන්නා ආකරය පරීක්‍ෂා කරමු.

  1. පාරිභෝගික සේවා නිපුණතා පරීක්‍ෂා කිරීම​
  2. අභියෝගාත්මක විකුණුම් අවස්ථා සඳහා සේවකයින් යොමු කිරීම​
  3. නිෂ්පාදන ප්‍රතිලාභ නැවත ලබා ගැනීමට අවධානය යොමු කිරීම​
  4. නිෂ්පාදන වරප්‍රසාද සමඟ ගනුදෙනුකරුවන් මිලදී ගැනීමේ හැසිරීම් ගැළපීම
  5. අලෙවිකරණ කටයුතු නිසි ලෙස හැසිරවීමේ ක්‍රියාපටිපාටි සකස් කිරීම​

නිෂ්පාදන පුහුණු වැඩසටහනක් මඟින් ඔබේ සමස්ථ ශ්‍රම බලකායට සහ ගෝලීය වශයෙන් ඔබේ වෙළඳ නාමය වෙනුවෙන් පෙනී සිටින බාහිර හවුල්කරුවන්ට පවා ප්‍රතිලාභ ලැබේ. නමුත් ඒවා සම්පුර්ණයෙන්ම සම්බන්ධ කර ගැනීමට සහ එය පුද්ගලීකරණය කිරීමට ඔබට සියලුම තීරණාත්මක සංරචක අවශ්‍ය වේ.

#training #development #production #business #smb #success #knowledge #information #learn #flexlearn

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *