Uncategorized

Culture Building Activities for Remote Teams

Culture Building Activities for Remote Teams

දුරස්ථ ආයතනික සංස්කෘතිය සකස් කර ගැනීම​.

ආයතනික ව්‍යුහයෙන් බැහැරව විවිධ ස්ථාන වල සිට ආයතනික කාර් යයන් ඉටු කිරීම තරමක අපහසු කාර් යයක් ලෙස පෙනුනත්, කුඩා කුඩා සංකල්ප භාවිත කිරීම හරහා එම ගැටලු නිරාකරණය කරගැනීමට මෙන්ම ආයතනයේ තිරසාර පැවැත්මක් ඇතිකර ගැනීමට හැකිවේ.

ක්රියාකාරී පද්ධතියක් සඳහා උපදෙස්

දුරස්ථ ආයතනික ව්‍යුහයේදී සිදුවන්නේ සාම්ප්‍රධායික ආයතනයෙන් වෙන්ව තම අභිරුචිය පරිදි පහසු තැනක සිට රැකියාවේ නිරත වීමයී. බොහෝ ආයතන වර්තමානය වන විට එම දුරස්ථ ආයතනික ව්‍යුහයේ ඇති වැදගත්කම ලෙස චිත්ත ධෛර්‍යය සහ ඵලදායිතාව වැඩි කිරීම මෙන්ම​, පිරිවැය අඩු කිරීම හඳුනාගෙන ඇත​.අප බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ විශාල ආයතනය වල අරමුණු හා වටිනාකම් සමඟ ගැලපමින් තම සමාගමේ දුරස්ථ වැඩ ප්‍රතිපත්ති සඳහා දැක්මක් ඇති කර ගන්නේ කෙසේද යන්න සොයා ගැනීමට ය.

  1. නායකයන් මූලිකත්වය ගෙන ක්රියාකිරීම​.

ආයතනයේ මූලිකත්වය දරන්නන් පූර්වාදර්ශී චරිත විය යුතුයි. එසේ පූර්වාදර්ශී වීම හරහා තමා යටතේ සේවයේ යෙදෙන සේවකයන්ට ආදර්ශයක් සැපයිය හැකිය​. ඔබේ දුරස්ථ වැඩ කටයුතු වෙනස් කිරීමේදී, සිදුවෙමින් පවතින දේ සහ නව සංස්කෘතික සම්මතයන් විදහා දැක්විය යුතු ආකාරය පිළිබඳ තම සේවකයන් දැනුවත් කල යුතු වේ. එම  සංස්කෘති කවරක්ද යන්න මෙන්ම, එහි ඇති වැදගත්කමත් සේවකයන්ට එත්තු ගන්වන්න​.

  1. පැහැදිලි අරමුණු පිහිටුවීම

ස්ථාවර ආයතනික සංස්කෘතියක් ස්ථාපිත කිරීම සඳහා සෑම කෙනෙකුම එකම ආකාරයෙන් ක්‍රියාකල යුතුය. දුරස්ථ වැඩ කිරීමේ අපේක්‍ෂාවන් පැහැදිලි හා ස්ථිර මෙන්ම ක්‍රියාත්මක කළ හැකි විය යුතුය. නිසි ලෙස ක්‍රියා කිරීම සඳහා ඔබේ කණ්ඩායම එකම වේලාවන්හි වැඩ කිරීම අවශ්‍ය වන්නේ නැත. ඔබේ කාර්‍ය මණ්ඩලය තමන්ගේම කාලසටහනකට අනුව ක්‍රියා කල ද නියමිත කාල සීමාවක් ඇතුලත ක්‍රියාකිරීමට අවශ්‍ය බව දන්වන්න. එමඟින් සේවකයින් තම නම්‍යශීලී මට්ටම පිළිබඳව නිශ්චිත අවබෝධයක් ඇති කර ගැනීමට හැකියාව ළඟා කර ගනියි.

  1. විශ්වාසය සමඟ වගවීම සමබරව පිහිටුවන්න

වගවීම අවශ්‍යයි. නිතිපතා නියමිත දින ගණන් අතපසු කරන සේවකයෙකු ඔබට සිටී නම්, දුරස්ථ රැකියා ඔවුන්ට සුදුසුම විකල්පය නොවේ. පෙනෙන මානයේ නොමැති හෙයින් ඔවුන් සේවය නිසියාකාරව නොකරන බවට ඔබට පැවසිය නොහැක. තම සේවකයන් කෙරෙහි උනන් දුවක් දැක්වීමෙන් ඔවුන්ව නිවැරදිව ආයතනයේ අරමුණු කරා ගෙන යා හැකිවේ. සේවකයින්ට තම කාලය ගත කරන ආකාරය දැක්වීමට බල කිරීම හෝ පරිගණකය අතහැර යන සෑම අවස්ථාවකම දන්වන ලෙස ඉල්ලා සිටීම අනවශ්‍ය වන අතර එය ඵලදායිතාවයට බාධාවක් විය හැකිය. නමුත් දෛනිකව හෝ ඔවුන් ගේ කාර් යය සාධනය දැනගැනීම කළයුතුය​.

  1. සීමා පැනවීම

ඔබේ විශේෂිත වැඩ ප්‍රවාහය සඳහා අර්ථවත් වන සීමා මායිම් සකස් කර ගැනීම සඳහා ඔබේ කණ්ඩායම සමඟ කතා කිරීම දුරස්ථ වැඩ සංස්කෘතියක් යහපත් කරගැනීමේ වැදගත් පියවරකි. ඔබේ ආයතනයේ දුරස්ථ සේවා සපයන සේවකයන්ට පැනවිය හැකි සීමා කිහිපයක් පහත දැක්වේ.

  1. විවේක සහිතව වැඩ වේලාවන් සැකසීම
  2. අසනීප වූ විට කණ්ඩායම් සාමාජිකයින් වැඩ කරනු ඇතැයි බලාපොරොත්තු නොවීම
  3. නිවාඩු දිනවල හෝ සති අන්තයේ කණ්ඩායම් සාමාජිකයින් කණ්ඩායම් පණිවිඩ හෝ ඊමේල් වලට ප්‍රතිචාර දැක්වීම බලාපොරොත්තු නොවේ
  4. දිවා ආහාරය ගන්නා විට කණ්ඩායම් සාමාජිකයින් පණිවුඩ වලට ප්‍රතිචාර දක්වනු ඇතැයි බලාපොරොත්තු නොවීම
  5. අභ්‍යන්තර වීඩියෝ ඇමතුම් වලදී කණ්ඩායම් සාමාජිකයින්ට තමාට පහසු සුදුසු ඇඳුම් ඇඳීමට ඉඩ දීම

සෑම ආයතනයකටම සෞඛ්‍ය සම්පන්න දුරස්ථ වැඩ සංස්කෘතියක් පවත්වා ගැනීමට විවිධ අවශ්‍යතා ඇති වේ. මෙම අවශ්‍යතා ආයතනික වටිනාකම්, කණ්ඩායම් සාමාජික පෞරුෂයන් සහ ක්‍රියාකාරකම් මත රඳා පවතින අතර ඒ සෑම එකක්ම මුළුමනින්ම සැලකිල්ලට ගත යුතුය.  ඉහත යෝජනා මඟින් ක්‍රියාකාරී පද්ධතියක් සාක්‍ෂාත් කර ගැනීමට ඔබට උපකාරී වනු ඇත. විශ්වාසය සහ සීමාවන් ගොඩනැගීම මෙන්ම සේවා සැපයීම ද ඕනෑම දුරස්ථ වැඩ සංවිධාන සංස්කෘතියක තීරණාත්මක අංගයන්ය.

#work #workplace #remote #workfromhome #culture #success #goals #learn #flexlearn

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *