Uncategorized

E-learning සඳහා බැංකු විසින් අනුගමනය කලයුතු උපාය මාර්ග

E-learning සඳහා බැංකු විසින් අනුගමනය කලයුතු උපාය මාර්ග

E-learning platform භාවිතා කිරීම මඟින් බැංකු ආයතන සඳහා හොඳ ශ්‍රම බලකායක් ඇතිකර ගැනීමේ හැකියාව ලැබේ. එමඟින් ආයතන තුල කාර්‍යක්‍ෂමතාව හා ඵලදායීතාවය වර්ධනය කරගැනීමට හැකියාව ලැබේ.

ශ්‍රමිකයන්ගේ හැකියාවන් සහ බලය සෑම ආයතනයකම ශක්තිය බව අමුතුවෙන් සඳහන් කල යුතු නොවේ. අඩු වියදමකින් හා අඩු බාධාවීමකින් වැඩි ඵලදායීතාවයක් අත් කර ගැනීම සඳහා e-learning පහසුකම භාවිත කිරීමේ ඇති හැකියාව නිසා, බැංකු අංශය e-learning සඳහා වැඩි අවදානයක් යොමු කරමින් පවතී.

බැංකු අංශයට ඇතුලත් වීමට නම් skills අත්‍යවශ්‍ය සාධකයකි, මක් නිසාද යත් හොඳින් පුහුණු කළ නිපුණතා (skills) සහිත ශ්‍රමිකයන් ආයතනයේ දියුණුවට ඍජුව බලපෑම් කරන නිසාවෙනි. E-learning ආයතනයටත්, දැනට සේවයේ යෙදෙන්නන්ටත්, සේවය කිරීමට අපේක්‍ෂාවෙන් සිටින අයටත් ඉතා වැදගත් වේ. එමෙන්ම, ආයතනයේ පවතින අවශ්‍යතා මත​, e-learning අංශයේ සිටින පළපුරුදු වෘත්තිකයන් හරහා, තම ආයතනයට ගැලපෙන පරිදි e-learning Platforms යොදාගත හැකි වේ.

බැංකු සඳහා e-learning solutions භාවිත කිරීමේදී අන්තර්ගත කළයුතු අත්‍යවශ්‍ය සාධක කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමු.​

Story based learning

මුල​-මැද​-අග එකිනෙකට හොඳින් ගැලපුණු සහා අවස්ථානුකූලව විවිධ චරිත එක්කර ගනිමින් කතාන්දරයක් කියනා ආකාරයෙන් සිදුකරන ඉගෙනුම් ක්‍රියාවලියකි. මෙමඟින් එකම තොරතුරක් කිහිප වරක් භාවිත කිරීම නිසා වැඩි අවදානයක් යොමු කිරීමේ හැකියාවක් පවතී.

Gamification

Learning Session වඩාත් උද්‍යෝගීමත්ව පවත්වා ගැනීමට, ඒ සඳහා සහභාගී වන සේවකයන් වෙනුවෙන් පදක්කම්, ත්‍යාග​, leader boards, කාර්‍ය සාධන පත්‍රිකා හෝ social media වැනි දේ භාවිතා කිරීම මෙමඟින් අදහස් කරයි.

Narrative Based Q&A

පුහුණු සැසියට සම්බන්ධ වන සේවකයන් හට, තම අත්දැකීම් හා උගත් කරුණු සම්බන්ධව ඇති වන ගැටලු නිරාකරණය කර ගැනීමට මෙමඟින් අවස්ථාව හිමිවේ. එමඟින් ඉතා අපහසු කරුණු වුවද මතකයේ රැඳීමේ හැකියාව වැඩිවේ.

Case Study

සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් හටගත් ගැටලුවක් සඳහා තාර්කික පිළිතුරු සෙවීම මෙමඟින් අදහස් කරයි. එම කරුණු අධ්‍යයනය මඟින් real-life අත්දැකීමක් ලඟා කරගත හැකිවේ.

Online Discussion Forum

මේමඟින් පුහුණුවේ නියුතු සේවකයන්ට ඇතිවන ගැටලු, අනෙකුත් සේවකයන් අතර හුවමාරු කරගැනීමට හිමිවන අවස්ථාවයි. එමඟින් වැරදි අවබෝධයන් මඟහරවා ගැනීමට මෙන්ම විවිධ අර්ථකතනයන් හුවමාරු කරගැනීමට අවස්ථාව හිමිවේ.

E-learning හරහා බැංකු සේවකයන්ට හා ආයතන වලට අත්වන වාසි.

  • 24/7 පාඨමාලා සඳහා ප්‍රවේශ වීමේ හැකියාව.
  • තමාට පහසු වේලාවක් තෝරා ගනිමින් පාඨමාලාව අධ්‍යයනයට හැකිවේ.
  • සේවයට බාධාවකින් තොරව හා බැංකු ආයතනයට අවම පිරිවැයකින් පාඨමාලාව අධ්‍යයනය කිරීමට හැකිවේ.
  • සරලව මෙන්ම පහසුවෙන් අවබෝධ කරගැනීමට හැකිවේ.
  • E-learning මඟින් ක්‍රියාකාරී ස්වාධීන ඉගෙනුම් ක්‍රියාවලියක් ප්‍රවර්ධනය කරයි.
  • ඕනෑම තැනක සිට හා වේලාවක පාඨමාලාව හැදෑරීමට අවස්ථාව හිමිවේ,
  • සේවකයන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කර ගැනීමට හැකිවේ.
  • ආයතනයේ කළමණාකාරීත්වය සමඟ ගුණාත්මක සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමට හැකිවේ.
  • E-learning හරහා සේවකයාගේ ක්‍රියාකාරීත්වය හා ප්‍රගතිය පහසුවෙන් මැනගත හැකිවේ.
  • පද්ධති තුල ඇති instant messaging, webcasting, සහ online chat වැනි ක්‍රම හරහා සේවකයන්ට ඇතිවන ගැටලු පහසුවෙන් සහා ඉක්මනින් විසඳා ගැනීමට හැකිවේ.

E-learning අපගේ ජීවිතයේ තීරණාත්මක අංගයක් බවට පත්ව ඇති අතර එය බැංකු කර්මාන්තයේ ද බොහෝ වැදගත් අංගයක් බවට පත්ව තිබේ. E-payment සහ eBanking එදිනෙදා ගනුදෙනු කිරීමේ පොදු ක්‍රමයක් බවට පත්ව ඇති අවස්ථාවක, E-learning මූල්‍ය කර්මාන්තයේ ව්‍යාපාර සංවර්ධනය සඳහා තීරණාත්මක සම්පතක් වී හමාරය​. එබැවින් බැංකු සංවිධාන තම සේවක සංවර්ධනය හා වර්ධනය සඳහා E-learning භාවිතා කිරීම තුළින් ඔවුන් තම ව්‍යාපාරික අරමුණු සාක්‍ෂාත් කර ගනු ඇත.

ඊට අමතරව, අඩු ආයෝජනයක් සමඟ දැවැන්ත ප්‍රතිලාභයක් ලබා ගැනීමට කළමනාකරණ ව්‍යුහයට එය උපකාරී වී ඇති අතර ඔවුන්ගේ කාලය හා මුදල් ඉතිරි කර ගනිමින් ඉහළ මට්ටමේ සේවක පිරිසක් ලබා ගැනීම ඔවුන්ගේ අරමුණයි. E-learning හරහා සේවා පරිසරය තුළ ක්‍ෂණිකව ක්‍රියා කිරීමටත් වඩා හොඳ ප්‍රතිඵල ලබා දීමටත් මඟ පෙන්වයි. එපමණක් නොව, E-learning නවීන හා ඵලදායී සේවා වාතාවරණයක් වර්ධනය කිරීමට මෙන්ම හොඳ සැලසුම් සහ පැහැදිලි අරමුණු සහිතව, බැංකු කර්මාන්තයේ සංවර්ධනයටද පහසුකම් සපයයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *