Uncategorized

Corporate Stress Management via Online Training

Corporate Stress Management via Online Training

මාර්‍ගගත පුහුණුව මඟින් සේවක ආතතිය පාලනය​

ඔබේ පාරිභෝගික සේවා සේවකයින්ට කෝපයට පත් පාරිභෝගිකයින්ගේ සිට වෙනස් වන සමාගම් ප්‍රතිපත්ති දක්වා බොහෝ දේ කිරීමට සිදුවේ. එහිදී ඔවුන්ට ඇති වන ආතතිය මාර්ගගත පුහුණුව හරහා කළමනාකරණය කර ගතහැකි මාර්ග​ කිහිපයක් මෙම ලිපිය හරහා ඔබට ඉදිරිපත් කරයි.

Online training මඟින් සේවා ස්ථානයේ ආතතිය මඟහරවා ගන්නේ කෙසේද?

  1. රැකියා ස්ථානයේදී සේවකයන්ට අවශ් විශ්වාසය ලබා දෙන්න​.

රැකියා ස්ථානයේදී ඇති වන ආතතිය මඟහරවා ගැනීමට නම් ඔබට ඉහළ ආත්ම විශ්වාසයක් තිබිය යුතුමය​. තමන් කරන කර්තව්‍ය පිළිබඳ ඉහළ ආත්ම විශ්වාසයක් ඇති විට ඔබට සාර්ථකව රාජකාරී ඉටු කිරිමේ හැකියාව ඇති වේ. රැකියා ස්ථානයේ ඇති වන ආතති සහගත සිදුවීම් අනුකරණය කරන අවස්ථා සඳහා ඔබේ පාරිභෝගික සේවා කාර්‍ය මණ්ඩලය යොදවන්න​. එම අනුකරණ කිරීමේ අවස්ථා වලදී කෝපයට පත් පාරිභෝගිකයෙකුට හසුරුවා ගැනීමට ඔවුන්ට හැකි නම්, එම අත්දැකීම රැකියා ස්ථානයට යොදාගත හැකි ආකාරය ඔවුන්ට පෙන්වා දෙන්න​. එමඟින් පාරිභෝගිකයින් හසුරුවීම පිළිබඳ විශ්වාසයක් ලැබෙනු ඇත​.

  1. ප්රායෝගික කුසලතා ලබා දෙන්න

රැකියා ස්ථානයේ දී ක්‍රියාත්මක කරන පුහුණු හා වැඩමුළු සඳහා සේවකයන් යොමු කරවන්න​. කාර්යය සාධක දර්ශන උපයෝගී කරගනිමින් ඔවුන් ගේ දුර්වලතා හඳුනාගන්න​. එම දුර්වලතා මඟහරවා ගැනීමට හා කුසලතා ඔප් නැංවීමට අවශ්‍ය වටපිටාව සකසා දෙන්න​. Online පාඨමාලා හරහා සේවකයන් ගේ කුසලතා වර්ධනය කිරීම මෑත කාලීන යහපත් ප්‍රවනතාවයකි. එමඟින් සේවකයන්ට සුදුසු වේලාවක හා පහසු ස්ථානයක සිට තම හැකියා හා කුසලතා වර්ධනය කරගැනීමට හැකියාව ලැබෙනු ඇත​.

  1. Real-world අත්දැකීම් ලබා දෙන්න​

රැකියා ස්ථානයේ පළපුරුද්ද ලබා ගැනීම දුෂ්කර ය. ඒ සඳහා බොහෝ කාලයක් සේවයේ යෙදිය යුතුය​. බොහෝ පළපුරුද්දක් ඇති පාරිභෝගික සේවා නියෝජිතයින් හට ඒ සඳහා පෙන්වීමට චිත්තවේගීය කැළැල් හා අවස්ථා බොහෝ ඇත. නමුත් උදාහරණ, උපකල්පන සහ ගැලීම් සටහන් භාවිතා කිරීමෙන් ඔබට ඔබේ කාර්‍ය මණ්ඩලයට real-world අත්දැකීමක් ලබා දීමේ හැකියාව ඇත. ඒ අයුරින් හෝ තම සේවකයන් දැනුවත් කිරීම හරහා ඔවුන් ගේ ප්‍රතීක්‍රියක හැකියාව වර්ධනය වනු ඇත​. එතුලින් සාර්ථකව තම ආවේග හා ආතතීන් පාලනය කරගැනීමට සේවකයන්ට පහසු වනු ඇත​.

  1. විවිධාකරයේ පාරිභෝගිකයන් හා ගනුදෙනු කිරීමට සලස්වන්න

වැඩ කරන දිනය පුරාවටම පාරිභෝගික සේවා කාර්‍ය මණ්ඩලය පුළුල් පරාසයක පෞරුෂත්වයන් සමඟ සම්බන්ධ වේ. දිනක් තුළ පරිපූර්ණ තෘප්තිමත් පාරිභෝගිකයාගේ සිට පිළිතුරු දීමට අපහසු ප්‍රශ්න රාශියක් අසන කෝපයට පත් වූ පාරිභෝගිකයා දක්වා පරාසයක පුද්ගලයන් හමුවේ. මෙම හමුවීම් ඔබේ සේවකයින්ට තරමක් පීඩාකාරී විය හැකිය. ඔවුන් සම්පුර්ණයෙන්ම සූදානම් වන පරිදි විවිධ පාරිභෝගිකයින් හා සම්බන්ධ කිරීමට මාර්ගගත පුහුණුව භාවිතා කරන්න. ඒ සඳහා තත්වයක් හෝ ක්‍රියාවලියක් අනුකරණය කිරීම, Serious game වැනි අවස්ථා බාවිත කරමින් අත්දැකීම් ලබා දෙන්න​.

  1. රැකියා ස්ථානයේ පීඩනය අඩු කිරීම සඳහා දෝශ නිරාකරණ මාර්ගෝපදේශ ලබා දෙන්න

Quick demo videos, online training tutorials, interactive info graphics, or clickable checklists වැනි දේ දෝශ නිරාකරණ උපකාරයක් ලෙස භාවිතා කළ හැකිය. මෙම මාර්ගගත පුහුණුව හරහා නව සේවකයින්ට වුවද පාරිභෝගික සේවා බිඳවැටීමේදී ඉතා පහසුවෙන් හා ඉක්මනින් තත්ත්වය පාලනය කරගැනීමට උපකාරී වේ. සේවකයන් නිතර මුහුණ දෙන ගැටලු පිළිබඳව විමසා දැනගන්න​. ඒවා පැන නැගීමට හේතු සහ එම ගැටලු මඟහරවා ගැනීමට ඔවුන් වැඩි වශයෙන් බාවිත කරන ​ආකෘති පිළිබඳව අවබෝධයක් ලබාගන්න​. එක් එක් සේවකයාට වෙනස් වූ ආකෘති තුලින් ඔවුන් පිළිතුරු සොයනු ඇත​. එනිසා එක් එක් පුද්ගලයාට ගැලපෙන ආකෘති යටතේ හැදෑරීමට online පාඨමාලා නිර්දේශ කරන්න​. ඒ හරහා ඔවුන් ගේ දැනුම හා ක්‍රියාශීලීත්වය වර්ධනය වනු ඇත​.

Online training මඟින් සේවකයන්ට සැබෑ ලෝකයේ සිදුවීම් හා අත්දැකීම් ලැබේ. ඒ හරහා අනපේක්‍ෂිත සිදුවීම් වලට හොඳින් මුහුණ දීමට හා දැඩි පීඩනකාරී අවස්ථා කළමණාකරණය කරගැනීමේ හැකියාව ලැබෙනු ඇත​. ඔවුන්ට අවශ්‍ය සියළුම සහයෝගය ලබා ගන්නා සේවකයින් ඔබේ සමාගම සමඟ රැඳී සිටීමට වැඩි ඉඩක් පවතී. එහි ප්‍රතිඵලයක් වශයෙන් පාරිභෝගික සේවය, සේවක තෘප්තිය සහ අලෙවිය වැඩි දියුණු කරගැනීමට හැකියාව හිමිවනු ඇත​.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *