Uncategorized

Subject Matters Progress and Future of Veterans

Subject Matters Progress and Future of Veterans

කෝවිඩ් 19 ගෝලීය වසංගතය නිසා ව්‍යාපරික ලෝකයම පසුබැස්මකට ලක් වූ බව සැවොම දන්නා කරුණකි. පහත ලිපිය හරහා විෂය කරුණු ප්‍රවීණයන් ඒ සඳහා මුහුණ දුන් ආකාරය හා වසංගත තත්ත්වයෙන් පසු සිදුවන ව්‍යාපාර වල වර්ධනය පිළිබඳව සාකච්ඡා කරයි.

අත්දැකීම් තුලින් පන්නරය ලබන විෂය කරුණු ප්‍රවීණයන්, උපදේශක නිර්මාණකරුවන් ලෙස වසර ගනණාවක් ක්‍රියා කර ඇත​. විෂය කරුණු ප්‍රවීණයන් අතින් නිර්මාණය වන සේවක ඉගෙනුම් ක්‍රියාවලි හරහා ව්‍යාපාර ආයතන වල දියුණුව මෙන්ම ඉහළ වර්ධනයක් පෙන්නුම් කිරීමටද උපකාරි වේ.

වර්තමානය වන විට මුළු ලෝකයම උඩු යටිකුරු වෙමින් පවතී. කෝව්ඩ් 19 හි බලපෑමට එහා ගිය ආන්දෝලනයක් පිළිබඳවයි, ඒ වර්තමානයේ සිදුවන තාක්‍ෂණයේ හා දැනුමේ වර්ධනය නිසා ආයතනික කළමණාකරන අංශ තුළ සිදුවන පෙරලියයි. ​කෝවිඩ් වසංගතය සමඟ ආයතනය තුළට කොටු වී සේවය කිරීම​, ආයතනයෙන් බැහැරව වෙනත් ස්ථාන වල සිට සේවය කිරීම දක්වා වෙන්ස් වූවා පමණි. නමුත් එම වෙනස්කමත් සමඟ මිනිසුන්ට බොහෝ දේ ඒත්තු ගැන්වීමට සමත් විය​.

සැබැවින්ම විෂය කරුණු ප්‍රවීණයන් තම විෂය පථය තුළ ප්‍රවීණයන් ද​? දිනෙන් දින සිදුවන වෙනස්කම් හා වර්ධනයන් සමඟ සැබැවින්ම විෂය කරුණු ප්‍රවීණයන් සිටිය හැකිද? දිනෙන් දින සිදුවන Artificial Intelligence, Big Data, and predictive analytics හි වර්ධනයන් සමඟ විෂය කරුණු ප්‍රවීණයන් හට තම ව්‍යාපාරයේ රැඳී සිටීමට හැකිවේද? 

කෝව්ඩ් වසංගතය හේතුවෙන් ව්‍යාපාරය වඩාත් තීව්‍ර ලෙස වෙබ් අඩවි ඔස්සේ පැවැත්විය යුතු බැවින්, බුද්ධිමය වත්කම් සොරකම් කිරීමේ සහ විකිණීමෙන් ලාභ ලබන ව්‍යාපාර වල යෙදී සිටින පුද්ගලයින් විසින් අපගේ සංවාද, පර්‍යේෂණ සහ නිෂ්පාදන සූරාකෑමෙන් ආරක්‍ෂා කරගන්නේ කෙසේද​?

විෂය කරුණු ප්‍රවීණයන්, තම විෂය පථයට අදාළ කරුණු(දැනුම​) ස්ථාවර මට්ටමක පවත්වා ගන්නවා ද නැත්නම් තාක්‍ෂණයේ වෙනස්කම් සමඟ ඇතිවන ව්‍යාපාරික අවශ්‍යතාවයන්ට අනුවර්තනය වීමට තරම් නම්‍යශීලී වනවාද යන්න මත​ විෂය කරුණු ප්‍රවීණයන්ගේ අනාගත භූමිකාවන් සලකා බලනු ඇත​. දෛනිකව වර්ධනය වන දැනුමේ අන්තර් ක්‍රියාකාරී හා පරිවර්තනීය ස්වභාවය නිසා එක් උපදේශක ප්‍රවීණයෙකුට අනාගත උපදේශක නිර්මාණකරුවන්ට අවශ්‍ය සියලු කාර්‍යයන් සැපයිය නොහැකි බව විෂය උපදේශක ප්‍රවීණයන් ගේ මතයයි. එයට පිළිතුරක් ලෙස අවශ්‍ය වන්නේ පරිණාමයක්ද? නැතහොත් විප්ලවයක්ද?

උපදේශක නිර්මාණකරුවන්ගේ වැඩෙන අවශ්‍යතාවන්ට අදාළ තොරතුරු ලඟා කර ගැනීම සඳහා සාම්ප්‍රදායිකව විෂය කරුණු ප්‍රවීණයන් හරහා තොරතුරු ලබාගැනීමට එහා ගිය ක්‍රම භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් වර්ථමානය වන විට පැනනැගී ඇත​. ඒ සඳහා තාක්‍ෂණයේ දියුණුව උපයෝගී කර ගත යුතුව ඇත​. මෙයින් අදහස් කරන්නේ උපදේශක නිර්මාණකරුවන්ගේ අවශ්‍යතා පුරෝකථනය කිරීම සඳහා Artificial Intelligence හා Big Data භාවිතා කිරීම පමණක් නොව, උපදේශක නිර්මාණකරුවන් සහ ගෝලීය විෂය කරුණු ප්‍රවීණයන්ගේ ජාලය අතර සම්බන්ධතාවයට සබැඳි ක්‍රියාදාමයන් සඳහා ස්වයංක්‍රීයව සහ සහාය වීමයි.

ගෝලීය වසංගත කාලවලදී, ව්‍යාපාර වැඩි වශයෙන් මාර්ගගතව පැවැත්විය යුතුය​, සේවකයින්ගේ ඉගෙනීම හා හැකියාවන් ඉහළ නැංවීමට, විෂය කරුණු ප්‍රවීණයන් හැඩගස්වන ආකාරය මෙම නව යථාර්ථය පිළිබිඹු කළ යුතුය. එමඟින් ව්‍යාපාර සංවිධාන වර්ධනය විය හැකි අතර, ගෝලීය වශයෙන් වෙළඳපල වර්ධනයක් දැක ගත හැකි අතරම, සේවකයින්ගේ කාර්‍යසාධනයද වඩා ඉහළ ආයෝජන ප්‍රතිශතයක් ලබා දෙනු ඇත. මෙයට ප්‍රධාන හේතුව වන්නේ, උපදේශක නිර්මාණකරුවන් හා විෂය කරුණු ප්‍රවීණයන් අතර පවතින දැඩි අන්‍යෝන්‍ය සම්බන්ධතාවයයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *