Manager කෙනෙකුගෙන් Leader කෙනෙකු දක්වා වෙනස් වන ආකාරය (Manager to Leader Transition Sri Lanka)

නියම Leader කෙනෙක් වෙන්නේ කොහොමද? (Manager to Leader Transition)

“මම කිව්වොත් විතරයි මුන් වැඩ කරන්නේ, මම නැති වුණොත් මේ ඩිපාර්ට්මන්ට් එකම ඉවරයි” කියලා මේ සතියෙත් ඔයාට හිතුණා නේද?
හැමදේම ඔයාම control කරන්න ගියොත්, ඔයා ඉක්මනින්ම burnout වෙනවා විතරක් නෙවෙයි, දක්ෂ සේවකයෝ ටිකත් ඔයාව දාලා වෙන කම්පැනි වලට යයි.
මේ Article එකෙන් ඔබට ඉගෙන ගන්න පුළුවන් – සාමාන්‍ය Manager කෙනෙක්ගේ තැන ඉඳන්, මිනිස්සු ආදරෙන් පස්සෙන් එන නියම Leader කෙනෙක් බවට පත්වෙන්න ඕනේ කරන practical වෙනස්කම් 6ක් ගැන.

1. Micromanage කිරීම නවත්වන්න (Trust & Delegation)

Manager කෙනෙක් හැමවෙලේම බලන්නේ සේවකයා වැඩ කරන විදිහ ගැනයි. හැබැයි Leader කෙනෙක් අවධානය දෙන්නේ අවසාන ප්‍රතිඵලය (Result) ගැන විතරයි. හැම පොඩි දේකටම ඇඟිලි ගහන්න ගියොත් ටීම් එකට වැඩ කරන්න තියෙන නිදහස නැති වෙනවා.
ගාමන්ට් ෆැක්ටරි එකක ලයින් සුපවයිසර් කෙනෙක් හැම මැහුමක්ම බලන්න ගියොත් මුළු ටාගට් එකම පරක්කුයි. නියම Leader කෙනෙක් කරන්නේ පැහැදිලි ටාගට් එකක් දීලා, ඒක කරන්න ටීම් එකට අවශ්‍ය space එක දෙන එකයි.

2. “මම” වෙනුවට “අපි” කියන්න පුරුදු වෙන්න (Shift from “I” to “We”)

සාර්ථකත්වයක් ලැබුණාම ඒකෙ Credit එක මුළු ටීම් එකටම දෙන එකත්, වැරැද්දක් වුණාම ඒකේ Ownership එක තමන්ගේ කරට ගන්න එකත් Leader කෙනෙක්ගේ ප්‍රධාන ලක්ෂණයක්. Manager කෙනෙක් හැමතිස්සෙම හදන්නේ තමන්ගේ ලකුණු දාගන්න.
ඔයාගේ Sales team එක ලොකු ටාගට් එකක් ගැහුවම මැනේජ්මන්ට් මීටින් එකේදී “මමයි මේක කරේ” කියනවට වඩා, “අපේ ටීම් එකේ මහන්සිය” කියලා කියන්න පුරුදු වෙන්න. එතකොට ටීම් එක ඔයා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ලෑස්තියි.

3. උත්තර දෙනවා වෙනුවට ප්‍රශ්න අහන්න (Coaching over Directing)

කෙනෙක් ප්‍රශ්නයක් අරන් ආවම, ඒ වෙලාවෙම ඒකට solution එක දෙන එක Manager කෙනෙක්ගේ පුරුද්දක්. හැබැයි Leader කෙනෙක් කරන්නේ ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න සේවකයාටම පාර පෙන්වන එකයි.
IT ඔෆිස් එකක junior developer කෙනෙක් කෝඩ් එකේ bug එකක් අරන් ආවම, කෙළින්ම ඒක fix කරලා දෙනවට වඩා “ඔයා මොකක්ද මේකට හිතන solution එක?” කියලා අහන්න. මේකෙන් එයාලගේ Problem-solving skills දියුණු වෙනවා වගේම, හැමදේටම ඔයා මත යැපෙන එකත් නතර වෙනවා.

4. අඛණ්ඩව Feedback ලබා දෙන්න (Continuous Feedback)

අවුරුද්ද අන්තිමේ තියෙන Appraisal එක වෙනකන් සේවකයින්ගේ වැරදි හංගගෙන ඉන්න එපා. වැරැද්දක් වුණු ගමන් ඒක හදාගන්න උදව් කරන එක Leader කෙනෙක්ගේ වගකීමක්.
විශේෂයෙන්ම අලුත් Gen Z සේවකයෝ කැමති නෑ ලොකු මීටින්ග්ස් වල බැනුම් අහන්න. වැරැද්දක් වුණාම One-on-one meeting එකක් දාලා, කිසිම තරහක් නැතුව constructive විදිහට කොතනද හැදෙන්න ඕනේ කියලා කෙළින්ම කියන්න.

5. Empathy (සහකම්පනය) පෙන්වන්න

ටීම් එකේ අය කියන්නේ ටාගට් ගහන මැෂින් නෙවෙයි. එයාලටත් පෞද්ගලික ප්‍රශ්න, ලෙඩ රෝග සහ මානසික පීඩනයන් තියෙනවා. Manager කෙනෙක් KPI ගැන විතරක් හිතද්දී, Leader කෙනෙක් සේවකයාගේ මානසිකත්වය ගැනත් හිතනවා.
සේවකයෙක් එකපාරටම වැඩ අඩාල කරනවා නම්, “ඇයි වැඩ කරන්නේ නැත්තේ?” කියලා බනින්න කලින්, “ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද, මට උදව් කරන්න පුළුවන්ද?” කියලා අහන්න. ඒකෙන් ගොඩනැගෙන විශ්වාසය සල්ලි දීලවත් ගන්න බෑ.

6. අනාගත නායකයින් නිර්මාණය කරන්න (Build New Leaders)

Manager කෙනෙක් තමන්ගේ තනතුර ගැන බයෙන් අනිත් අයව පාලනය කරනවා. එයා හදන්නේ Followers ලා විතරයි. හැබැයි නියම Leader කෙනෙක් කරන්නේ තමන්ගේ තැනට එන්න පුළුවන් තවත් Leaders ලා ටීම් එක ඇතුළෙන්ම හදන එකයි.
ඔයාගේ දක්ෂම සේවකයාට අලුත් responsibilities දෙන්න බය වෙන්න එපා. එයාව ඉස්සරහට යවනවා කියන්නේ, ඔයාට ඊටත් වඩා ඉහළට යන්න පාර හැදෙනවා කියන එකයි.

මේ වගේ Practical Skills තව Audio Lessons විදිහට ඉගෙන ගන්න කැමතිද?
[නොමිලේ Episodes 5ක් අහන්න →]

0
0
Your Cart
Your cart is empty
Secure Checkout
Fast Shipping
Easy Returns