Uncategorized

හොඳ උපදේශකයකුගේ පුරුදු තුලින් සාර්ථක නායකත්වයකට මඟ …

නායකත්වය කියලා කියන්නේ අද සමාජයේ වැඩි වශයෙන්ම කතා කරන මාතෘකාවක්. නායකත්වය පවතින්නේ හැමවිටම කණ්ඩායම්ක් තුළ බැවින් කණ්ඩායම්ක් තම ඉලක්ක නිසි පරිදි ලබා ගන්නේ නැහැ කියලා කියන්නේ එම නායකත්වය පිළිබදව ගැටළුවක් පවතින බවයි. නායකත්වයේ ගැටළු වලට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ , නායකයන් සතු ව නිසි නායකත්ව ගුණාංග නොමැතිවීමයි . ඒ අතරිනුත් වැදගත් ගුණාංගයක් තමයි හොඳ පුහුණුකරුවෙකු/උපදේශකයකු වීම.

නායකයා හොඳ පුහුණුකරුවෙකු/උපදේශකයකු වෙන්න ඕනද ? විවිධ අදහස් දරන ඔබ අතරින් සමහරෙක් එසේ වියයුතු යෑයි සිතුවත් සමහර අය එය එසේ නොවෙයි තර්ක කල හැක. මගේ අත්දැකීම නම් හොඳ නායකයා හොඳ උපදේශකයකු වියයුතුයි යන්නයි. තම කණ්ඩායම නිවැරදි දිශානතියට යොමුකර ගැනීමට උපදේශක හැකියාව ඉතාමත් වැදගත් වේ.

කණ්ඩායම්ක් ඉලක්කය කරා ගමන් ගැනීමේදී එම ක්‍රියා පිළිවෙත් විටින් විට යම් යම් අවශ්‍යතාවයන්ට අනුව, ඒ කියන්නේ පාරිසරික හේතූන්, සාමාජීය හේතුන්, නීතිමය තත්වයන් වැනි අපගේ පාලනයෙන් තොර කරුණු නිසා අපට වෙනස් කරන්න සිදු වෙනවා. ඉතින් මේ සෑම තැනකදීම සියලූ වෙනස්වීම් නිවැරදිව තම අනුගාමිකයන්ට පැහැදිලි කර දී , වැරදි වැටහීමක් ඇතිනොවන ආකාරයට නව ක්‍රියාපිළිවෙත තුල නිවැරදි ඉලක්කයට රැගෙන යාමේ වගකීම නායකයාට පවතී.

1. නායකයා නිතරම ඔහුගේ බලාපොරොත්තු තම කණ්ඩායමට පැහැදිලිකරදිය යුතුයි. එවිට අනුගාමිකයින්ගේ බලාපොරොත්තු සහ නායකයාගේ බලාපොරොත්තු සමාන වේ. එවිට ඔවුන් සියලුදෙනාම එකම අරමුණකට ගමන් ගනී.

2. නායකයා නිතරම ඔවුන්ගේ අරමුණ පිළිබඳව ප්‍රශ්න අසමින් විමසිය යුතුවේ . එවිට සියලු සාමාජිකයින් සක්‍රියව තම කාර්යන් ඉටුකිරීමට පටන් ගනී . පොදු අරමුණ මගහැරීමට ඇති අවස්ථා මින් මග හැරී යයි .

3. කණ්ඩායමේ සියලු සාමාජිකයින්ට වැඩ බෙදා දී වගකීම පැවරිය යුතුයි . එවිට එම කාර්ය ඉටුකිරීම ඔහුගේ වගකීම වන බවත්, එය අසාර්ථක උවහොත් එය සමස්ථ ප්‍රතිපලයට ඍජුවම බලපාන බව පැහැදිලිකර දිය යුතුයි. ඔවුන්ට එවිට තමන්ගේ යන හැංගීම ඇතිවේ .

4. අදාල වගකීම ඉටුකළ පසු එය කොතරම් දුරට සාර්ථක ද යන්න නායකයා විසින් සොයා බැලිය යුතුයි . එහි දී එය ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකවද මැන බැලිය යුතුයි .

5. අවසාන වශයෙන් තම අනුගාමිකයින්ගේ කැපවීම සහ උත්සාහයන් නායකයා විසින් අගය කල යුතුයි . එවිට අනුගාමිකයින් තුල ආත්මාභිමානයක් ඇතිවන අතර එය පලදායීතාවය සඳහා ඉතා වැදගත් වේ.

ඔබත් කණ්ඩායමක් මෙහෙයවන අයකුනම් ඉහත කරුණු ගැන සැලකිලිමත් වන්න. එවිට ඕනෑම දුෂ්කර තත්වයකදී උවද සාර්ථකව තම කණ්ඩායම ඉලක්කයන් වෙත පහසුවෙන් රැගෙන යාහැකි වනවා නොඅනුමානයි.

කපිතාන් නිරෝෂන් ගුණතිලක (නායකත්ව පුහුණුකරු)

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *